ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය 'පුටුව' ලකුණින් තරග කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
