මහ බැංකු මංකොල්ලයට අදට වසර හයයක් ගතවී ඇති බවත් එහෙත් ඒ මංකොල්ලය සදහා හදුනාගත් වැරදිකරුවන්ට මෙතෙක් දඩුවම් ලැබී නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (7 පැවති ජනහමුවකදී පැවසීය.
එහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය ජයතිස්ස මහතා ,
ගෝඨාභය ගම සමග පිලිසදරට තෝරා ගන්නේම රක්ෂිත ආසන්නයේ තියෙන ගමක්. හෙංචයියලා කියනවා රක්ෂිත මැද්දෙන් පාරක් ඕනා කියලා .ජනාධිපති කියනවා රක්ෂිත මැද්දෙන් පාර කපන්න දෙන්න කියලා. ඔය ආකාරයට දැන් ලංකාවේ ශීඝ්‍රයෙන් වනාන්තර විනාශ වෙවී යනවා.
මහ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඩුවම් ලැබිලාද නැහැ. නැහැ . මහා බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් අද අපිට විශේෂ දවසක්. ඒ 2015 පෙබරවාරි 27 වැනිදා අද වගේ දවසකයි මහ බැංකු මංකොල්ලය සිද්ධ වුණේ . මේ මහ බැංකු මංකොල්ලයට අදට අවුරුදු හයක් වෙනවා. මොනවද වෙලා තියෙන්නේ. මුකුත්වෙලා නැහැ. මහ බැංකුව මංකොල්ල කෑ අය ඇතුලෙද .අර්ජුන් මහේන්ද්‍රන්ලා අර්ජුන් ඇලෝසියස්ලා ඇතුලෙද . නැහැ ඒ වංචාව සිදු කළ කවුරුත් ඇතුලේ නැහැ.
ලංකාවට පකිස්ථාන් ජනාධිපති ඉම්රාන් කාන් ආපු වෙලාවේ රජයේ අයයි මහ බැංකු වංචාවට සම්බන්ධ අයයි ඔය කට්ටියම එකට හිටියේ . මහ දවාලේ මහ බැංකු වංචාවට සම්බන්ධ අය ඇතුලට දාවී කියලා අපිට හිතන්න බැහැ. ආණ්ඩුවට අවශ්‍යනම් ඕනතරම් පහසුකම් හා අවස්ථාවල් තියෙනවා මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ අය ඇතුලට දාන්න. එහේම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා 2015 පෙබරවාරි 27 වැනිදා මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑ බව විතරක් අපිට සිහිකර කර ඉන්න පුලුවන්. එච්චරයි වෙන්නේ.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත