මහනුවරින් වැඩිම ආසාදිතයින් අකුරණින්
- 13 11 2020
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 80 දෙනෙකු අද 13 දක්වා වාර්තා වී ඇති බවත් එයින් වැඩිම පිරිස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවත් එය 13 ක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කර පැමිණි අකුරණ ප්‍රදේශයේ පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර කරනු ලැබු පීසීආර්.පරීක්ෂණ අනුව එයින් 12 දෙනෙකු ආසාදිත බවට ඊයේ හඳුනා ගැනිමත් සමඟ අකුරණින් වාර්තා වන රෝගීන් ගණන 13ක් දක්වා ඉහළ ගියේය.
එය මහනුවර දිස්ත්‍රික්කයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකින් වාර්තා වන වැඩි ම රෝගීන් ප්‍රමාණයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මැදදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 11 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
