මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් නගරය හරහා දිවෙන මගි ප්‍රවාහන බස් රථ එකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කරවීමේ පෙරහුරු වැඩසටහනක් සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (27) කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් වර්ෂ 2027 වර්ෂයේදී නිමා වන විට එම පර්යන්තය තුළින් දීප ව්‍යාප්තව බස් ගාවනය කරවීමේ සැලසුමේ පළමු අදියර යටතේ මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
එ් අනුව දිගන සිට මහනුවරට ධාවනය වන බස් රථ සිය ගමනාන්තය බවට මහනුවර පත්කිරීම වෙනුවට දිගන පැණිදෙනිය වැනි වෙනත් ගමනාන්තයක් හඳුන්වාදීම මෙහිදී සිදුවන බවත් මහනුවර නගරයේ බස් ගාල් කිරීමක් එහිදී සිදු නොවන බවත්ය.
මේ වන විට මහනුවර නගරයේ බස් රථ ගාල් කිරීමේ ස්ථාන 110කින් සමන්විත වන නමුත් නව බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය හඳුන්වාදීමෙන් පසු නැවතුම් ස්ථාන 46 කට සීමා වන බව කී එ් මහතා ඉදිරියේදී ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන බවද පැවසීය.
මෙම ඒකාබද්ධ කාල සටහන් මගින් ලංගම කඩා වැටීමක් සිදු නොවන බවත් ලංගම දියුණු කිරීමට හැකි ප්‍රමාණවත් මුදලක් යොදවා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.