පේරාදෙණිය- මහනුවර දුම්රිය ස්ථාන අතර ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් සැප්තැම්බර් මස 05, 06 සහ 07 යන දිනවලදී එම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දිනවලදී අංක 1024 දරණ ටිකිරි මැණිකේ දුම්රිය සහ අංක 1015 දරණ උඩරට මැණිකේ යන දුම්රියන් දෙක පමණක් පේරාදෙණිය සිට මහනුවර අතර ධාවනය නොවන බවත්, එම දුම්රියන් දෙක හරහා ගමන් පහසුකම් සලසා ගැනීමට මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දුම්රිය මගීන්ට බස් රථ මගින් පේරාදෙණිය දක්වා ප්රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.
බදුල්ලේ සිට පැමිණෙන අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය ඉහත දිනවල පේරාදෙණියට පැය 12.58ට පැමිණ විනාඩි 32ක කාලයක් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ නවත්වා තබා පැය 13.30ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් මහනුවර දක්වා ධාවනය කර නැවත මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ශාන් හුලංනුගේ