මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට (08දා) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්රවේශ පත්රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව පවතින බව ද එහි සභාපති පී.ඒ. චන්ද්රපාල මහතා සඳහන් කළේය.
ඒ අනුව පෙරවරු 4.00, 4.15 සහ 4.30ට, දුම්රිය වාර ප්රවේශ පත්ර සහිත මගීන් සඳහා පමණක් වූ ප්රවාහන සේවාවක් සැපයීමට කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.