මහනුවර මහියංගණය මාර්ගය හැකිතාක් භාවිතයෙන් වළකින්න
මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද 26 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මේ බව කීය. මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කීය.
"මහනුවර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට බලපෑම් ඇති වෙලා තියෙනවා. කඳු සහිත මාර්ගවල ගමනාගමනය අවදානම් තත්වයට පත් වෙලා තියෙනවා. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ රතු නිවේදනය නිකුත් කරල තියෙනවා. මහනුවර මහියංගණය මාර්ගයේ මේ වන විට සුළු ගල් සහ පස්කඳු කඩා වැටීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා.
ඒ නිසා මහනුවර මහියංගණය මාර්ගයේ ගමන් කරන රියදුරන්ගෙන් අපි ඉල්ලන්න කැමැතියි මේ තත්වය ගැන අවධානය යොමු කරන්න කියලා. මේ මාර්ගය අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න කියලත් ඉල්ලනවා. ඒ් වගේම මීමුරේ ප්‍රදේශයට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

