මහනුවර පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ ප්‍රමිතියෙන් තොර නිසයි
මුළු රටම කම්පා කරමින් තරුණ අඹුසැමි යුවලක් සහ කුඩා බිලිඳියක බිළිගනිමින් කඩාවැටුන මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව භූ විද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන් වන බලපෑමකින් නොවෙන බවත් ගොඩනැගිල්ල ඉදි කිරීමේ දී ගත් වැරදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බවඒ සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් තීරණය කර තිබේ .
මහත් ඛේදවාචකයක් ඇති කරමින් කඩා වැටුන එම ගොඩනැගිල්ල කඩාවැටීමට හේතු සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේමහතා විසින් කමිටුවක් පත්කළ අතර පිටු 24 කින් සමන්විත එම කමිටු වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බාර දී තිබේ .
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ව්‍යුහය සම්බන්ධව ගැටලු රැසක් කමිටුව විසින් අනාවරණය කරගෙන තිබේ .
ගොඩනැගිල්ල ඉදි කිරීමේ දී ගත් වැරදි තීරණ සහ යොදා ගත් අමුද්‍රව්‍ය එය කඩා වැටීමට හේතු වී ඇති බැවින් ගොඩනැගිල්ල ඉදි කළ අය සම්බන්ධයෙන් අධිකරණය මගින් ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥයන් ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
මහනුවර පොලිසිය මගින් කමිටු වාර්තාවේ කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීය .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
