මහනුවර අත්‍යවශ්‍ය සේවා සැපයුම් ඉදිරි දින දෙකකදී යථා තත්ත්වයට
මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යාවශ සේවා සැපයුම් ඉදිරි දින දෙකක් තුල යථා තත්වයට පත් කිරීමට හැකි වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණය කරගැනීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදා කළමනාකරණ කමිටුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව දුරටත් සඳහන් කළේ, මහනුවර නගරයේ විදුලි සැපයුම මේ වන වට සක්‍රීය තත්ත්වයට පත් කොට ඇති බවත් සෙසු ප්‍රදේශවල විදුලි සපයුම යථාවත් කිරීම කඩිනමින් සිදුවන බවත්ය.
මහනුවර දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජල සම්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සක්‍රීය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් නගරයට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සේවා කඩිනමින් ළඟා කර ගැනීම සඳහා කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවර මාර්ගය දැනට භාවිතා කරන බව ද ඒ මහතා කීවේය.
වැසි රහිත කාලගුණික තත්ත්වය යටතේ මෙම මාර්ගය දැනට ස්ථාවර තත්ත්වයේ පවතින බව කී ඒ මහතා මහනුවර මහියංගනයේ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කර ඇති බවත් දැනට ගල් පෙරළී අවහිර වී ඇති ස්ථාන පිළිසකර කිරීමෙන් අනතුරුව ඉන්ධන ප්‍රවාහනය කිරීමේ විශාල බවුසර් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රධාන මාර්ගය පිළිසකර කරමින් පවතින බවත්, අතුරු මාර්ගේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකරන බවද ඒ මහතා කීවේය.
මහනුවර මහනගර සභාවේ ජල පිරිපහදුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවත් ඉදිරි දින දෙක තුළදී ජල සම්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

