මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.20ට පිටත්ව දෙමොදර දුම්රිය ස්ථානයට පස්වරු 2.20ට ළඟාවීමට නියමිතව තිබේ.
මෙම දුම්රිය පේරාදෙණිය,නාවලපිටිය,ඇඩම්ස් පීක්, ග්රේට් වෙස්ටර්න්, නානු ඔය, එල්ජින් දිය ඇල්ල, පට්ටිපොළ, සමිට් ලෙවල්, ඔහිය බිංගෙය අංක 18, ඔහිය, ඉදල්ගස්හින්න, වින්ඩ්ස් බ්රේක්, හපුතලේ, කිත්ල් ඇල්ල, ආරුක්කු නමය පාලම ආදී ලෙස නැවැත්වීමට නියමිතය.
මෙම දුම්රිය නැවතත් දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 15.40ට ගමන් ආරම්භ කර මහනුවර දුම්රිය ස්ථානයට රාත්රී 21.35ට ගමන් ආරම්භ කිරීීමට නියමිතය.