මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනෙකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .
ඊයේ (21) හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබයි .
ෂේන් සෙනෙවිරත්න