සතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන 'නයට් බසාර්' වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මහනුවර ඓතිහාසික නගරයක් බවත් එහි වෙනස් සංස්කෘතියක් ඇති බවත් වෙනත් නගරවල ක්‍රියාත්මක කරන දෑ මහනුවරට නොගලපෙන බවත් ඔහු පැවැසීය.
මහානායක හිමිවරුන් පවා මෙම වැඩසටහනට විරුද්ධ වූ බවත් ඔහු සඳහන් කළේය. එසේම මහනුවර නගරයේ රථවාහන තද බදය අවම කර ගැනීමට ක්‍රියාත්මක කළ අත්හදා බැලීමේ වැඩසටහන අසාර්ථක වූ බවත් එයද නවතා දමන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.