මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ දී විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
අවසන් රන්දෝලි පෙරහැරේ කරඩුව වැඩමවීම නැදුන්ගමුව රාජා හස්තියා සිදු කරන බව දළදා මාළිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා සදහන් කළා.
දෑලේ ඇතුන් වශයෙන් දළදා මාළිගාවේ ඉන්දිරා හස්තියා සහ කතරගම වාසනා හස්තියා යොදා ගැනීමට නියමිතයි. පෙරහැරේ ගමන් ගන්නා ඇත් ගොව්වන් ඇතුළු පිරිස් නිරෝධායන නීතිවලට අනුව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ කටයුතු කරන බවද ප්‍රදීප් මියනපලාව මහතා ප්‍රකාශ කළා.
මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ දී විථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහැරින් පසුව හෙට දිනයේ දී පැවැත්වෙන දහවල් පෙරහරෙන් පසු ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වනවා.
පෙරහර නිමවූ බවට දියවඩන නිලමේතුමන් ජනාධිපතිතුමා වෙත සංදේශය භාරදීමටද එහිදී කටයුතු කෙරෙනු ඇති.