පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන නිසි ලෙස නිදහස් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මේ වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 2250ක මුදලින් රුපියල් මිලියන් 1623ක් මේ වන විටත් නිදහස් කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.
අද දිනය වන විට විමධ්‍යගත ප්‍රතිපාදන වෙනුවෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මුදල් නිදහස් කිරීමේ ප්‍රතිශතය 72.57% බවත්, ඉතිරි ප්රතිපාදනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කරන ආකාරය අනුව මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරනු ඇති බවත් නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයට පමණක් මේ වසර තුළ නිදහස් කර ඇති විමධ්‍යගත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 108ක් වන බවත්, චෝදනාව එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හිමි මිලියන 10ක විමධ්‍යගත ප්‍රතිපාදනවලින් මිලියන 6.9ක් මේ වන විටත් නිදහස් කර අවසන් අතර, ඔහුට හිමි ඉතිරි මුදලද යෝජනා ඉදිරිපත් කළ පසු මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.