මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5ත් අතර (මෙය ගොඩබිමට එන රළ උසනොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ධීවර හා නාවික ප්‍රජාව හා වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.