ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ පිහිනමින් සිටි ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් නාවික හමුදාවේ අත්අඩංගුවට පත්ව ඇත. කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ශ්රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම ඉන්දීය ජාතිකයක් පිරිස දැක තිබේ.
ගැඹුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි බවත් එහිදී සිය බෝට්ටුව අනතුරු පත්වීමෙන් අනතුරුව මෙසේ මුහුදේ පිහිනමින් සිටි ඇති බව ඔවුන් පවසා තිබේ.
ඔවුන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කන්කසන්තුරය පොලිස් ස්ථානයට භාර දී ඇත.