දිවයින අවට මුහුදු ප්‍රදේශවල වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්යේ විටින් විට පැ.කි.මි 50දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත්, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, දිවයන වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැ.කි.මි 30-40ක් පමණ වන බවත් ඔවුන් පවසයි.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 60 දක්වා වැඩි වීමේ හැකියාවක් ඇති බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද විටින් විට රළු විය හැකි බවත් ඔවුන් දන්වා සිටී.