උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ සංගමයෙන් පිරිසක් 2021.02.09 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනයේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේදි හමු වී සාකච්ඡා කළහ.
මෙහිදි රටට විදේශ විනිමය උපයා ගත හැකි ප්‍රධාන මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පළාත තුළ සිටින ධීවරයන්ගේ ආර්ථිකය නංවාලීමට හැකි වන ආකාරයට මුහුදු පරිසරයට හානියක් නොවන ලෙස මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසරය ලබා දී ඇති බවත්, දැනටමත් එම ව්‍යාපෘති වැඩ කටයුතු අවසන් අධියරට පැමිණි ඇති බැවීන් එම කටයුතු කඩිනමින් අවසන් කර වගා කටයුතු ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා වගා කරුවන්ට උපදෙස් ලබා දුණි.
එමෙන්ම මුහුදු කූඩැල්ලන්,ඉස්සන්,පොකිරිස්සන්,ජලජීවි වගා, මිරිදිය මත්ස්‍යන් අභිජනනය කොට විදේශගත කිරීම සදහා ව්‍යාපෘතියක් මෙම මස 14 වන දින කිලිනොච්චියේදි ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.