ආණඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන අරගලට පූර්ණ සහය පළකරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
ඒ අනුව මහජන අරගලයට සහය පලකරමින් අනිද්දා දින (19) දින විරෝධතා පා ගමනක් සංවිධානය කරන බවත් ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගි වන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පවසයි.