අයහපත් කාලගුණය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 7206ක පුද්ගලයන් 27222ක් පීඩාවට පත්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා 13 සවස පැවසීය.
පුත්තලම ,වනාතවිල්ලුව සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 22ක පිරිස් මෙසේ පීඩාවට පත්ව ඇති බවද ඒ මහතා සඳහන් කළේය .
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක් තාවකාලිකව පිහිටුවා ඇත.
ඒ අනුව පුත්තලම විසුද්ධාරාම විහාරස්ථානයේ පවුල් 14ක පුද්ගලයන් 47ක් සහ පුත්තලම දකුණ හින්දු කෝවිලේ පවුල් 2ක පුද්ගලයන් 5 දෙනෙකු තාවකාලිකව රඳවා ඇත.
මෙම අය සඳහා පිසූ ආහාර ලබාදීමේ කටයුතු ආපදා සහනසේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
මේ අතර පුත්තලම නගරයේ රජයේ ආයතන රැසක් ද, දුම්රිය හා මහා මාර්ග රැසක් ද ඇතැම් ස්ථානවලින ජලයෙන් යටවී ඇත.මාර්ග ජලයෙන් යටවීම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා සිදුවී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

