ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත් ආරම්භ වී ඇත.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමඟ බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බව පවසා තිබේ.
මෙම නඩු ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.