මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
නව රජය යටතේ මහාභාරකාර දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දිය යුතු සේවය වඩාත් පුළුල් කිරිම සදහා විශේෂ සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) මහාභාරකාර දෙපාර්තමේන්තුවේදි පැවැත්විණි.
මහාභාරකාරවරයා සතු වටිනා දේපළ වලින් වැඩි ආදායමක් උපයා ගෙන ඒවා මහාභාරකාරවරයා වෙත භාර දෙන ලද අරමුණු ඉටු කරවා ගැනීම සදහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරිමින් මුල්‍යමය විනයක් සහිත වැඩ කටයුතු කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා විසින් එහිදි සඳහන් කරන ලදී.
විශේෂයෙන්ම මහා භාරකාරවරයා වෙත පැවරි ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කිරිම සදහා එම වතුවල සේවය කරනු ලබන වතු අධිකාරිවරුන් හා මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
මහාභාරකාර දෙපාර්තමේන්තුවට දැනට අධිකරණ ගණනාවක පවතින නඩුකරයන් පිළිබඳව සමාලෝචනයක් සිදු කර නීතිඥ ගාස්තු අවම කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නීතිඥ ගාස්තු අවම කර ගැනීම සදහා නීති නිලධාරීන් බදවා ගැනිම කඩිනම් කරන ලෙසත් මනා ක්‍රියාකාරිත්වයකින් යුත් නීති අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරිමට වහාම කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දෙන ලදී.