ශ්රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බන්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස්පති සී ඩී වික්රමරත්න මහතාගේ උපදෙස් මත එකී විමර්ශන කටයුතු කොටුව පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.
ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ ආර් දයානන්ද මහතා විසින් පසුගිය 11 වැනි දින කොටුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි
මහ බැංකු ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූ ගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත ඇති බවට එම පැමිණිල්ලෙන් පැවසිණි
ඉකුත් 11 වැනි දින මුදල් තැන්පත් කර තිබූ රුපියල් 5000 නෝට්ටු 1000 බැගින් අඩංගු බන්ඩල 8000 ක් පමණ තිබී ඇති අතර බිලියන 25 ක පමණ මුදල් ප්රමාණයක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
පැමිණිල්ල වහාම පරීක්ෂණ ආරම්භ කළ කොටුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිකුතු සුරක්ෂිතාගාරයේ සියළුම තරාතිරම් වල නිලධාරීන් 23 කුගෙන් ප්රශ්න කර ප්රකාශ සටහන් කර ගැනිණි
ඊට අමතරව අධි තාක්ෂණික සි සි ටි වි කැමරා ද පරීක්ෂාවට ලක් කෙරිණි
ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අභයන්තර පරීක්ෂණයක් මෙන්ම මුදල් ගණනය කිරීමක් ද සිදු කළ අතර ලක්ෂ 50 ක් අඩංගු වූ මුදල් බන්ඩලය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ඔවුන් වෙත ද ලැබී නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය