මහ බැංකු අධිපතිගෙන් අගමැතිට ආර්ථිකය ගැන විශ්ලේෂණයක්
රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා, මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යය භාරය නොපිරිහෙළා ඉටු කරන්නැයි උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන්වන ටී.එම්.ජේ.වයි.ටී ප්‍රනාන්දු, කේ.එම්.එම් සිරිවර්ධන,එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී නානායක්කාර, ආර්ථීක පර්යේෂණ අධ්යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

