මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනපති කොමිෂම නිර්දේශ කළ වෝහාරික විගණනය සිදුකිරිම සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉන්දියාවේ M/s BDO India LLP හා M/s KPMG Sri Lanka යන සමාගම් වෙත මෙම කොන්ත්‍රාත්තුව හිමිව තිබේ.
මෙම විගණන කටයුතු සඳහා ගෝලීය පරිචයක් සහිත ජාත්‍යන්තර පළපුරුදු ආයතනවල සේවය ලබා ගැනීමට මීට පෙර කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේය.
ඒ අනුව තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මහතා ඉහත ආයතන දෙක වෙත පිරිනැමීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.