ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 දා සිය ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කර සිටියි.
ඒ අනුව තමන් එම දිනයෙන් පසුව විශ්‍රාම යන බව අධිපතිවරයා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මහාචාර්යවරයි 2019 වසරේ දෙසැම්බර් මාසයේදී මහ බැංකු අධිපතිධුරයට පත්විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වන ලක්ෂ්මන් මහතා ආර්ථික විද්‍යාව පිළිබඳව හසළ දැනුමක් ඇති විද්වතෙක් වශයෙන් සැළකේ.
ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිවත ඇති බවත් වාර්තා වෙයි.