මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කල සංචාරයෙදි තහවුරු විණි.
ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50 ත් 55 ක් පුත්තලම දිස්ත්‍රික්කයෙ පුත්තලම, මුන්දලම, මන්ගලඑළිය, පාලවිය, දළුව, කල්පිටිය, වනාතවිල්ලුව, ප්‍රදේශ වලින් ලැබේන අතර අක්කර 10000 කට ආසන්න භුමි ප්‍රමානයක මේ වන විට ලුණු වගාකරන අතර එහි වගාකරුවන් 1000 ක පමන පිරිසක් එක්ව සිටිති.
මේ වන විට පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක ලුණු අස්වැන්න ලබා ගනිමින් සිටින අතර ලුණු නිෂ්පාදකයින් ඉන්දියන් ලුණු කිලෝ 50 බැගයක් රුපියල් 4000 කට ලබා ගනිමින් සිටියදි පුත්තලමේ ලුණු කිලෝ 50 ක බැගයක මිල රුපියල් 1800 ත් 2000 පහත වැටි ඇති බව කියයි.



