මහ කන්නයේදී වාර්තා ගත වී අස්වැන්නක් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
මහ කන්නයට අවශ්‍ය සියලු රසායනික පොහොර ලබාදෙන බවත්, යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 65000ක් සහන මිලට ඉදිරි මාසයක කාලයේදී ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම කෘමි නාෂක හා වල් නාෂක ගෙන්වීමට ඇති බාධා ඉවත් කරන බවත් කාබනික පොහොර වගාවට අවශ්‍ය අයට කාබනික පොහොර ලබාදිමට පියවර ගන්නා බවත් ඔහු පැවැසිය.