එළඹෙන මහ කන්නය කල් නොදමා වේලාසනින් ආරම්භ කර ජලය සුරක්ෂිත කරගැනීමෙන්, ඊළඟ යල කන්නය ද ලබන වසරේ මාර්තු 15වැනිදා හෝ අප්‍රේල් මුල වන විට සාර්ථකව ආරම්භ කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතුණද, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව මහවැලි අධිකාරිය පෙන්වා දෙයි.