මස්කෙළිය සාමිමලේ මීලියාකෝට්ටේ එලවළු වගා භූමියක තාවකාලිකව ඉදි කර තිබු වාඩියක තිබී මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතුරම් 02ක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 02ක් සමග සැකකරුවෙකු මස්කෙළිය පොලිසිය විසින් (21) දින රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මීලියාකෝට්ට ප්රදේශයේ එළවළු වගා කොටුවක සැක කටයුතු පුද්ගලයෙකු සිටින බවට මසකෙළිය පොලිසියට ලද තොරතුරක් මත මස්කෙලිය පොලිසියේ නිළධාරින් විසින් (21) රාත්රියේ මෙහෙයුමක් දියත් කර වාඩිය පරික්ෂා කිරිමේදි ගිනි අවිය සහ ඊට යොදන පතුරම් 02ක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 02ක් සොයාගෙන ඇත.
මීලියාකෝට්ට ප්රදේශයේ අක්කර 02ක පමණ ඉඩමක එළවළු වගා කරන කොටුවක සැකකරු සිටි බවත්, සැකකරු බිංගිරිය ප්රදේශයේ පදිංචි අවුරුදු 44ක් පමණ වයසැති පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
මීලියාකෝට්ට ප්රදේශයේ එළවළු වගා භූමියට මීලියාකෝට්ට රක්ෂිතයේ සැරිසරන ගෝණුන් පැමිණෙන බවත්, එම වන සතුන් දඩයම් කිරිමට හෝ වෙනත් අරමුණකින් මෙම ගිනි අවිය සැකකරු රැගෙන ආවේදැයි පිලිබද පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් ලෙස විමර්ෂණයක ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මස්කෙලිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

ගාමිණී බණ්ඩාර/හැටන් රංජිත් රාජපක්ෂ