මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු ඊයේ (21) දින හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩී.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
අසාදිතයන් 11 දෙනාම මස්කෙළිය ශ්‍රී සන්මුගනාදන් හින්දු කොවිලේ ආශ්‍රිතයන් සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.
සන්මුගනාදන් හින්දු කොවිලේ පැවති රැස්විමකට සහභාගි වු එම කොවිලේ පාලක සභාවේ නිලධාරියෙකු කොවිල තුළදි හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරිමෙන් පසු මියගිය අතර, මරණකරුගේ ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබුණි.
ඉන් අනතුරුව එම කොවිලේ පුජකවරයාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු නිසා , ඔහුන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකුගෙන් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව 11 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබුණි.