කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ එම හිංදු කොවිලේ පුජකවරයා කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණය විමත් සමග එම කොවිල තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බවත්ය.
පසුව එම කොවිල් භුමිය විෂබීජහරනයට ලක් කර වෙනත් පුජකවරයකු යොදවා පුදපුජා පැවැත්විමට උපදෙස් දුන් බවත් ඒ අනුව එම කොවිලේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට මේ වන විට එහි පාලක සභාව මගින් පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්