උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාස හතරක කුඩා දැරියක් මියගොස් ඇති අතර ඉන් අනතුරුව එම දැරියට සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණයේදී එම දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි .
පෙබරවාරි මස 12 වැනි දින එම දැරියට මාස 4 න් ලබා දියයුතු එන්නතක් ලබාදී ඇති අතර ඊට පසු දින එම දැරිවියට උණ රෝගය වැළඳී ඇති අතර එදිනම එම දැරිය පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ . මිය ගිය එම දැරියගේ පි.සි.ආර් පරීක්ෂණ වාර්තාව (16) ලැබී ඇති අතර එහිදී එම දැරියට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ .
එසේ මියගොස් ඇත්තේ අමෝද්‍ය සංදීපා නමැති මාස හතරක් වයසැති නුගවෙල ප්‍රදේශයේ පදිංචි දැරියකි .
ෂේන් සෙනෙවිරත්න