මේ වසරේ පළමු මාස 07ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන 282ක් සිදු වී තිබේ. එම කාලය තුළ ස්ත්‍රී දූෂණ 992ක් සිදු වී තිබෙන අතර, කොල්ලකෑම් 1779ක් සිදුව ඇත.
මනුෂ්‍ය ඝාතන 282න් 28ක් වෙඩි තබා ඝාතනය කර තැබීම් වන අතර, මේ වසරේ පළමු මාස 06 තුළ සිදු කළ මෙහෙයුම්වලදී හා පුද්ගල අත්අඩංගුවට ගැනීම්වලදී ටී 56 ගිනිඅවි 16ක් සහ පතොරම් 35,923ක් අත්අඩංගුවට ගෙන ඇත.
පොදුවේ මෙම කාලය තුළ විවිධ වර්ගයේ අවි 711ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජූලි 31 දක්වා පළමු මාස 07 තුළදී රට තුළ ග්‍රහණ අපරාධ 20,826ක් සිදුව තිබෙන අතර, එම අපරාධවලින් අපරාධ 14,272ක් විසඳාතිබේ. ප්‍රතිශතයක් ලෙස එය 69%කි.
පසුගිය වසර තුලදී ග්‍රහණ අපරාධ 35,978ක් සිදුව තිබෙන අතර, එම අපරාධවලින් 28,015ක් විසඳා අවසන් කර ඇත. එය ප්‍රතිශතයක් ලෙස 78%කි.
මේ වසරේදී පළමු මාස 07ට ඝාතන 282ක් වාර්තා වී තිබෙන අතර, 2017 වසරේදී ඝාතන සිද්ධීන් 452ක් වාර්තා වී තිබේ.