මාස 3 ට අධික කාලයක් නැවති තිබු ලොව ප්රධාන පෙළේ පාපන්දු තරඟාවලියක් වන ඉතාලියේ සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය ජුනි මස 13 සිට ඇරඹිමට තිරණය කල බව ඉතාලි පාපන්දු සංගමය පවසයි.
කොවිඩ් නීති රිති වලට අනුව සියලුම ක්රීඩකයන් හා ක්රිඩා සමාජ කටයුතු කිරිමට නියමිත බව ඉතාලි පාපන්දු සංගමය පැවසීය.
සියලුම පාපන්දු තරඟ රූපවාහිනි මගින් විකාශනය කිරිමට නියමිත බවත් ප්රේක්ෂකයින්ට ක්රීඩාංගණ තුලට ඇතුළුවීමට තහනම් කර ඇති බව වැඩිදුරටත් පැවසීය.
ලොවපුරා සිටින දක්ෂතම පාපන්දු ක්රීඩකයන් මෙම තරඟාවලියට එක්ව සිටින අතර ලොව ධනවත්ම ක්රීඩා සමාජ කීපයක්ම මෙම තරඟාවලියට එක්ව සිටි.
ඊයේ (27) දිනයේදි ඉතාලියෙ කොවිඩ් නව ආසාදිතයන් 584 ක් මරණ 117ක් වාර්තා වි තිබේ.