පරිසරය ආරක්ෂා කරමින් බෞද්ධකම ශ්‍රද්ධාව ආගමික හැඟීම් ඇති වන ආකාරයෙන් හැසිරෙන ලෙසත් නොදිරන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික් ආදි නොයෙක් නොදිරන දේවල් ශ්රිපාදස්ථානයටරැගෙන නොගෙන අදාළ ස්ථානවලම මෙවැනි අපද්‍රව්‍ය තැන්පත් කරමින් පොලීසියට සංවිධාන කටයුතු කරන සියලු දෙනාට සහයෝගයෙන් දක්වන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලෙස කඩවත මැද කෝරලයේ සමථ බල ප්‍රධාන අධිකරණ සංඝනායක සබරගමු පෙරමුණේ නායක පූජ්‍ය කොළොන්නේ සිරි නාහිමියෝ පැවසුහ.
බලංගොඩ ඇල්ලේපොළ බෝධිමාලකාරාමය විහාරස්ථානයේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නා හිමියෝ මේ බව පැවසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහනාහිමියෝ,
“උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් දින ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය මෙවර ශ්රිපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙංගමුවේ ධම්මදින්නනාහිමියන්ගේ අවවාදානුශාසනා ඇතුව මෙවර සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව 1 0දින හෙට ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ පෙරහැර පිටත්වෙනවා පසුදින සමන් දේව ප්‍රතිමාවක් පාදස්ථානය කරා වැඩමවීමත් සිද්ධ වෙනවා.
විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්න ඕනි සමස්ත බෞද්ධ හා අබෞද්ධ ජනතාවගේ ඉල්ලීමක් කරන්නේ ශ්‍රී පාදස්ථානය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට පත් කරලා තියෙන අවස්ථාවක පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රීපාදස්ථානය අවට ප්‍රදේශය ජාතික උරුමයක් බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා . ඒ නිසා පරිසරය ආරක්ෂා කරමින් බෞද්ධකම ශ්‍රද්ධාව ආගමික හැඟීම් ඇති වන ආකාරයෙන් හැසිරෙන්න ඕනි කියලා ඉල්ලිමක් කරනවා.
ඒ වගේම නොදිරන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික් ආදියෙන් නොයෙක් නොදිරන දේවල් ශ්රිපාදස්ථානයට ගෙනියන්න නැතුව අදාළ ස්ථානවලම සුදුසු ස්ථානවල මෙවැනි අපද්‍රව්‍ය තැන්පත් කරමින් පොලීසියට සංවිධාන කටයුතු කරන සියලු දෙනාට සහයෝගයෙන් දක්වන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
විශේෂයෙන්ම මෙවර පෙරහර ගමන් කිරීමේ මාර්ග කීපයක් තියෙනවා. ඒ අනුව පැරණි ක්‍රමයට කුරුවිට-එරත්න ප්‍රදේශය හරහා ගමන් කිරීමත් ඒ වගේම අවිස්සාවේල්ල හැටන් මාර්ගයෙන් ගමන් කිරිමත් ඒ වගේම පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාවඉහරහා ගමන් කිරීමත් මෙවර සිදු වෙනවා පෙරහැර තුනක් ආකාරයට” යැයි පැවසූහ.
බලංගොඩ - රෝහණ වසන්ත