කරන්දෙණිය කොටවෙල නිවසක එකම පවුලේ මව සහ පුතෙකු අද (11) රෑ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කරන්දෙණිය කොටවෙල පදිංචි හැත්තෑපස් හැවිරිදි බොළඳ හකුරු ගුන්නවතී නමැත්තිය සහ ඇයගේ විසිපස් හැවිරිදි පුතා වන චතුරංග දිසානායක නමැත්තා බවද පොලීසිය කියයි.
ඝාතනයන් දෙකම සිදුකර ඇත්තේ එක් අයෙක් බවත් ඔහු සැකපිට අත්අඩංගුවට නොගත් බවත් පොලීසිය කියයි. කරන්දෙණිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.