බිබිල පොලිස් වසමට අයත් කුරුවාඹ තල්ගස් හංදිය මීගහමුරේ වත්ත ප්රදේශයේ පදිංචි පියෙකු ඇයගේ දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලීසිය මඟින් (03) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව විදේශ ගතව සිටින අතර ඇයගේ උපන් ගම බිබිල බදුල්ල ගම්මනයි.
දැනට ඔවුන් බිබිල යාය කුරුවාඹ තල්ගස් හංදිය මීගහමුරේ වත්ත ප්රදේශයේ කුලී නිවසක පදිංචිව සිටී. දැරිය ඇයගේ වැඩිමහල් සහෝදරයා සහ පියා සමඟ එකම කාමරයේ එකම ඇඳක නිදා ගනී
එසේ 2025 ජූනි මාසයේ රාත්රියන් කිහිපයකදී නිදා සිටියදී පියා විසින් ඇයට බරපතළ ලිංගික අපයෝජනය සිදුකර ඇත.
ඇයගේ ලිංගාශ්රිත ප්රදේශ දැඩි වේදනාවක් සහ තුවාල නිසා මොනරාගල දිස්ත්රික් මහ රෝලට ඇතුලත් කර ඇති අතර එහිදී සිද්ධිය අනාවරණයවී තිබේ.
සැකකාර තිස් අට හැවිරිදි සූපවේදියෙකු වන පියා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක