මහියංගනය පොලිස් බල ප්රදේශයට අයත් මාපාකඩවැව 19 කණුව ප්රදේශයේ මවක් ඊයේ (30දා) සවස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති සිය දරුවාද රැගෙන ළිඳකට පැනීම නිසා එම දරුවා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ළිඳට පැන ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචි 29 හැවිරිදි එක් දරු මවක වන අතර සිය සැමියා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා සමඟ උරණව සියදිවි නසාගැනීමේ අරමුණෙන් ඇය ළිඳට පැන ඇතැයි පැවසේ.
අසල්වාසීන් එක්ව මව සහ දරුවා ගොඩගෙන වහා රෝහල්ගතකර ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවත් මවගේ දිවි බේරී ඇති බවත් පොලීසිය පවසයි.
විජේරත්න රත්නායක