මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
වර්තමාන දේශපාලන, සමාජීය හා ආර්ථික පාරිසරික සන්දර්භය තුළ එම ව්‍යාපෘතියේ සංශෝධිත විෂය පථය හා එම විෂය පථය සංශෝධනය කිරීම පිණිස අනුගමනය කරන ලද ක්‍රියාදාමය සමාලෝචනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන ආයෝජක සී.එච්.ඊ.සී. පෝට් සිටි කොළඹ පුද්ගලික සමාගම සමග එක්ව පෞද්ගලික අංශයේ ආයෝජනයක් ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබීය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව 2015-01-08 දිනෙන් පසුව එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය වෙනස් කරමින් මූල්‍ය නගර ව්‍යාපෘතිය බාහිර උපදේශකයින්ගේ සහාය සහ නීති කෙටුම්පත් සම්පාදකගේ මෙහෙයවීම මත කොළඹ මූල්‍ය නගරය නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර තිබේ.