මුලතිව් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් තිබී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (06) සවස විශ්වමඩු, උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමක දී බැරලයක බහා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශයේ අදාල පුපුරණද්‍රව්‍ය තොගය පසු ප්‍රයෝජනය සඳහා අතහැර දමා ගොස් ඇති බවට නාවික හමුදාව විසින් සැක පළ කරයි.
සොයාගත් අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.