හපුතලේ, පිටරත්මලේ වත්ත ප්ර දේශයේ නිවසක් තුළදී දරුවෙක් සාරි පොටක ගෙල සිරවී හපුතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මියගිය දරුවාගේ වයස අවුුරුදු 12ක් වෙයි. මෙම දරුවා පසුගිය 22 දා රාත්රි යේ සිය සහෝදරයන් සමග සෙල්ලම් කරමින් සිට තිබේ.
ඔහුගේ මව විසින් අනෙක් දරු දෙදෙනා නිදා ගැනීමට වෙනත් කාමරයකට රැගෙල ගිය පසු බාල නැගණිය නිදකරවීම නෙුවෙන් බාල්කයක සාරියක් එල්ලා සකස් කරන ලද තොටිල්ලේ සාරි පොට ගෙලෙහි එති සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අණාවරණය වී තිබේ.