කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් පස් දෙනාගෙන් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත්වු ඇප අයදුම්පත් ගැන සලකා බලා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් මේ මස 26 වැනි දිනට කල් තැබුවාය.
එදිනට එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාරයට නියෝග කරන ලදී. .
මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබු අතර ඔවුන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබුහ..ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
මේ නඩුව ඊයේ ( 19 වැනිදා ) පස්වරුවේ නැවත කැඳවු අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රකාශ කෙළේ එම සැකකරුවන් දෙදෙනා විසින් පෙනි සිටි නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් විසින් එම දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට අධිකරණයට කරුණු දක්වමින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත් සම්බන්ධවය.
මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා , හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් , හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන පස්දෙනා එදින ( 26 වැනිදා ) තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මේ නඩුවට අදාළ හයවන සැකකරු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය සැඟවි සිටි.
.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
පසුගිය නඩු දිනයේ අධිකරණයට භාර වු ප්‍රසන්න රණවීර යන අයගේ ප්‍රකාශයක් අධිකරණයේ අවසරය ඇතිව බන්ධනාගාරයට ගිහින් ලබා ගත්තා.
අධිකරණයේ නියෝගය මත නඩුවට අදාළ සාක්කිකරුවන්ගේ සාක්කි සම්පීඩන වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. දැනට සැඟවී සිටින මිල්රෝයි පෙරේරා යන අය අත් අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා ගෙන ඔහු අත් අඩංගුවට ගැනීමට මේ වනවිට කණ්ඩායම් කීපයක්ම යොදවා තිබෙනවා. ඉදිරියේදී ඔහුගේ දේපල තහනම් කිරීම සදහා නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරනවා.
පස්වන සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනි සිටි ජේෂ්ඨ නීතීඥ අමිල පල්ලියගුරු මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
මේ සැකකරු මවිසින් පසුගිය නඩු දිනයේ අධිකරණයට භාර කළා. . මේ ඔප්පුව ලියා තිබෙන්නේ 2009 හා 2011 වසර කාලයේදීයි. මේ ඔප්පුව ලිවීමෙන් අනතුරුව එම භුමියේ කඩ කාමර ඉදි කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සැකකරුට නගන චෝදනාව වන්නේ එවකට කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලෙස එහි පිඹුරුපත් අනුමත කිරීම හා කඩ සාප්පු සංකිර්ණයට අදාළ ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම කියලා. තවද කඩ කාමර ගත් අයට විදුලිය හා ජලය ලබා ගැනීම සදහා අනුමැතිය දුන්නා කියලා. ඒ අනුව මොහු කූට ලේඛණ සකස් කිරිමට අදාළ නැහැ.
කූට ලේඛණ සකස් කිරීමෙන් පසුව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අනුකුලතා සහතිකයක් ලබා දිම කියලාත් සදහන් කර තිබෙනවා. .
මේ සැකකරුට එරෙහිව තිබෙන්නේ මීට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවයි. නමුත් දැනටමත් සිදු කර තිබෙන වරදකට පසුව අනුබල දෙන්නට බැහැ. තවද මේ නඩුවේ විමර්ශන අවසන් කරලා තිබෙන්නේ. අවසන් කර තිබෙන විමර්ශනයකට සැකකරුවන් රිමාන්ඩ් කරන්නට කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලනවා.එහෙම ඉල්ලන්නටත් බැහැ.
මේ ගොඩනැගිල්ලට අදාළ විදුලිය හා ජලය ලබා දීමට අනුමැතිය දුන්නා කියලා කියනවා. 2016 . 12 . 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට මේ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. එහි ගොඩනැගිලි සැලැස්ම සැලසුම් කමිටුව විසින් සලකා බලා අනුමැතිය ලබා දුන්නා කියලා සදහන් කර තිබෙනවා.
ප්‍රාදේශීය සභා පනතේ 108 වගන්තිය සදහන් කර තිබෙන්නේ යම් කෙනෙක් ප්‍රාදේශීය සභාවට ඉල්ලීමක් කළහොත් එම ඉල්ලීම මත ජලය හා විදුලිය ලබා දීම අත්‍යාවශ්‍ය කාරණයක් කියලා.
මේ පැමිණිල්ල කර දිනයේ සිට වසර 10 කට අධික කාලයක් ගත වී තිබෙනවා. විමර්ශන අවසන් කර තිබෙනවා. නීතීපතිට උධෘත ඉදිරිපත් කර තිබෙනවා 2010 වසරේ සිදුවු වරදකට 2025 වසරේදි සැකකරුවන් අත් අඩංගුවට ගන්නේ. 2016 වසරේ විමර්ශනය කරනවිට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනිලා නැහැ. 2016..12 .28 දින සැකකරුවන් හදුනා ගෙන ඒ අවස්ථාවේ සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැහැ දැන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ගන්නට හේතුව මොකක්ද?.
දැන් විමර්ශන අවසන්. එදා සැලසුම් කමිටුවේ සිටි සියලු දෙනාම අත් අඩංගුවට ගෙන නැහැ. කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව මොහුට විරුද්ධව සාක්කි ඉදිරිපත් වී නැහැ. ඒ නිසා මොහුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
හතරවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කෙළේය.
මේ අපරාධයට මේ සැකකරු දායකත්වය කුමක්ද කියලා සදහන් කර නැහැ. මේ සැකකරු මේ භුමියේ ඉදි කිරීම් වලට සහායක් ලබා දිලා නැහැ. දායකත්වයක් ලබා දීලා නැහැ. මෙය ඉදි කර තිබෙන්නේ එවකට ගම්පහ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයායි. ඔහු එහි කඩ කාමර 03 ක් ලබා ගෙන තිබෙනවා. නමුත් ඔහු අත් අඩංගුවට ගෙන නැහැ. මේ කූට ලේඛණයට සැකකරු අත්සන් කරලා නැහැ. පාර්ශ්වයන් සම්බන්ධ කරලා නැහැ. කඩ කාමර ලබා ගෙන නැහැ. වරිපනම් හදන්නට දායක වෙලා නැහැ. ඒ නිසා සැකකරු වෙනුවෙන් ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනවා. ඕනෑම කොන්දේසියකට යටත්ව ඔහුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
එහිදි දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් හතරවන හා පස්වන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීම ගැන සලකා බැලීම මේ මස 26 වැනි දිනට කල් තබමින් එදිනට එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග හා පොලිස් සැරයන් සුරංග යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥ අමිල පල්ලියගුරු මහතා සමග නීතීඥයින් වන යසින්ත කපුවැල්ල , ප්‍රියන්ත රාජපක්ෂ , පුෂ්පලා සත්යවන්ශනි , ලඛිත වාකිශ්ෂආරච්චි හා සුභාත් ද සිල්වා යන මහත්වරුන්ද හතරවන සැකකරු වෙනුවෙන් නීතීඥ දේශාල් පෝල් මහතා ද පෙනී සිටියහ.