සන්නද්ධ කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක්ට මාතර, මිරිස්සේදි වෙඩි ප්රහාරයක් එල්ල කළ ප්රධාන සැකකරු අද (3දා) වැලිගම, මෝදර ප්රදේශයේදි විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වැලිගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම, එලූවාවල ප්රදේශයේ පදිංචි අතුරුගිරියේ ජෙරමි හෙවත් ජෙරමි කොලින්ද සිල්වා යන එක්දරු පියෙකි.
පසුගිය මස 31දා මාතර, මිරිස්ස වරායට ආසන්නයේ සන්නද්ධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සමිපතමයෙක් වෙන ෂන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්රසන්න යන අයට යතුරු පැදියකින් පැමිණි දෙනෙක් වෙඩි තැබිමක් සිදුකොට තිබු අතර එහිදි ඔහු තුවාල ලබා මාතර මහා රෝහල වෙත ඇතුලත් කරනු ලැබිය.
එහිදි යතුරු පැදිය පැදිකරු ගම්වාසින් විසින් අල්ලා පහරදි පොලීසිය වෙත භාර දි තිබු අතර වෙඩි තැබිම සිදුකළ තැනැත්තා ත්රිරෝද රථයක් මගින් එම ප්රදේශයෙන් පලාගොස් තිබුණි.
සීසීටීවී දර්ශන අනුව වෙඩික්කරු හදුනා ගැනිම සඳහා පොලීසිය හා විශේෂ කර්ය බළකාය විශේෂ මෙහෙයුමක් දියතර කර තිබුණි.
ඒ අනුව විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත අද උදැසන එලූවාවල ප්රදේශයේ පිහිටි ජෙරමි ගේ නිවස පරික්ෂා කොට තිබු අතර ඒ වනවිටත් ඔහු නිවසින් බැහැරව මෝදර ප්රදේශයට ගොස් ඇති බව නිවැසියන් පවසා තිබේ.
එහිදි වහා ක්රියාත්මක වු විශේෂ කාර්ය බළකායේ නිළධාරින් මෝදර ප්රදේශයේ විශේෂ වැටලිමක් සිදුකොට මෝදර පාළම ආසන්නයේදි සැකකරු අත්අඩංගුවට ගෙන වැලිගම පොලිසිය වෙත භාර දි තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර වැලිගම පොලිසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි .
මහේෂ් මලවර ආරචිචි