යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු අද (30) තුවාල ලබා ප්රතිකාර සඳහා මාතර රොහලට ඇතුලත් කොට ඇත.
තුවාලකරු අවු.28ක්වු මිරිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබිම සිදු කිරිමට යතුරුපැදිය පැදවු සැකකරු ප්රදේශවාසින් විසින් අල්ලා පොලීසියට භාර දි තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවු 25ක්වු මිදිගම ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලට ඇතුලත් කොට ඇත.
වෙඩි තැබිමේ ප්රධාන සැකකරු සොයා වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.