මාර්තු මාසයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ශ්‍රී ලංකාවේ බෝට්ටු 5ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 500ක මත්කුඩු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව ඉන්දියාවෙන් නිල වශයෙන් කළ කරුණු විමසීමක් අනුව මෙම තොරතුරු ලැබී තිබේ.
පසුගිය මාසයේ 05 දා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මිනිකෝයි දූපත ආසන්නයේදී ශ්‍රී ලංකා බෝට්ටුවක් ධීවරයින් 6ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එම බෝට්ටුවේ තිබී ඇති හොරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 200ක් පමණ සැකකරුවන් විසින් මුහුදට විසිකර තිබේ.
එසේම පසුගිය 15 දින මිනිකෝයි දූපත ආසන්නයේදීම ශ්‍රී ලංකා ගිය බෝට්ටු තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති එහිදී එක් යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ 300ක් හා ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝට්ටු 3 තුළ ශ්‍රී ලංකා ධීවරයින් 19ක් සිට අත. මේ අනුව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ධීවරයින් සංඛ්‍යාව 25ක් වන අතර ඔවුන් ඉන්දියාවේ බන්ධනාගාරගත කර තිබේ.
මේ පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ තවදුරත් පරීක්ෂණ පවත්වයි.