මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 817ක් බන්ධනාගාර තුළ
මරණීය දණ්ඩනය නියමවු දේශිය හා විදේශිය සිරකරුවන් 817 දෙනෙකු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැව් අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව 2025 වර්ෂයේ සැප්තැම්බර් මස .30 දින වනවිට මරණිය දණ්ඩනය නියමවු දේශිය සිරකරුවන් සංඛ්‍යාව 811 දෙනෙකි. ඉන් පිරිමි සිරකරුවන් සංඛ්‍යාව 792ක් වන අතර කාන්තා සිරකරුවන් සංඛ්‍යාව 19 දෙනෙකි. විදේශිය සිරකරුවන් සංඛ්‍යාව 05 දෙනෙකි. මරණිය දණ්ඩනය නියමවු ත්‍රස්ත සිරකරුවන් සංඛ්‍යාව 01කි.
මේ අතර ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින සිරකරුවන් 73 දෙනෙකු බන්ධනාගාරවල සිටින බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මිට දිනකිහිපයකට පෙර මරණීය දණ්ඩනය නියම කරණු ලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

