ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක අද දින (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය.
මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි
රණසිංහ මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධව Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළේය.
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්. ඒ.ආර්. ආර්. රූපසිංහ මහතා විසින් රතු දත්ත ලැයිස්තු දෙක අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය.
ඒ සඳහා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය,
වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.
බොහෝ දෙනෙක් හිතන්නේ රතු දත්ත පොත යනු වඳවීමේ හා තුරන්විමේ තර්ජනයට ලක්ව ඇති වෘක්ෂලතා හා සතුන් පිළිබඳ දැක්වෙන වාර්තාවක් පමණක් ලෙසයි. නමුත් ශ්‍රී ලංකාවේ හමුවන සියලුම සතුන් හා ශාඛ සංරක්ෂණ තත්ත්වයන් පිළිබඳව තක්සේරු කිරීමක් ද මෙම වාර්තාව මගින් සිදුවෙනවා.
ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම සත්ව හා ශාඛ ප්‍රජාවන් සංරක්ෂණය කර ගනිමින් කටයුතු
කිරීම සම්බන්ධව අපිට අවධානය යොමු කරන්නට සිදුවෙනවා.