වැරදුන ආර්ථික උපායමාර්ග නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඉතිහාසය බලකර කියා සිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බැදි සිටින බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර , ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය .
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබු ‘‘දකුණු පළාත් විශිෂ්ඨතම ව්‍යවසාය සම්මාන උළෙල 2019’’ ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘පසුගිය වසර හතරහාමාරට මේ රටේ ව්‍යවසායකයින් සමහරක් තවදුරටත් ණය ගන්න බැරිව ගොදුරක් බවට පත්වුනා . තමන්ගේ දේපළ වෙන්දේසි කරන්න බැංකු වලින් පියවර අරගෙන තිබුනා . ඒ නිසා බොහෝ දෙනෙක් නොවැම්බර් 16 මේ රට ගන්න තිරණය දිහා බලන් හිටියේ. ඒ තීරණය වැරදුනොත් මේ රට ඇතැරලා වෙන කොහේටහරි යනවා කියලා හිතාගෙන . ඒ ගෙවිච්ච කාලය තුල මේ රටේ ආර්ථිකය තිරණය වුණේ දේශිය ව්‍යවසායකයා හෝ කර්මාන්තකරුවා ආරක්ෂා කිරිම ප්‍රවර්ධනය කිරිම පදනම් කරගෙන නෙමෙයි .
අපේ ව්‍යවසායකයින්ට තිබුණ ඉඩ විදේශිය ව්‍යවසායකයින්ට වෙන්කරදිම තමයි ගෙවුණු වසර හතරහාමාරට අප ඉදිරියේ රඟ දැකුවුණේ . එපමණක් නෙමෙයි අපේ කර්මාන්ත බිද වැටෙනවා වගේම වෙනත් රටවල් නිෂ්පාදනය කරපු නිෂ්පාදන අපේ වෙළඳපොළ ආක්‍රමණය කිරිම වේගවත්ව සිදුවුනා .
දැන් බලන්න ලෝකයේ පැරණිතම රෝහල සොයාගත්තේ අනුරාධපුරයේ මිහින්තලා රෝහල , ලෝකයේ වෛද්‍යවරයෙක් පාවිච්චි කල ශල්‍ය උපකරණ සොයාගත්තේ ඒ රෝහල් පරිශ්‍රයෙන් . ඒ ශල්‍ය උපකරණ අතර තිබුණා නුතන ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන යට ඇන්ද කොට , උඩ තලය දිග කතුරක් , එසේනම් ලෝකයේ පැරණිතම ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලය හදපු මිනිහා ජිවත් වෙච්ච මේ පොළව ඉතා වටිනවා . මෙය සම්පත් වලින් ග්‍රහන පොළවක් .
ඔබ දන්නවා ලංකාව කියන්නේ හැමඅතින්ම වැදගත්කමින්යුත් රටක් . ඇමරිකාව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අපේ රටට ගෙන එන්නේ මේ රටේ ඉඩම් සුවිශේෂි වැදගත්කමක් තිබුණ නිසයි . අපේ රට ඉන්දියන් සාගරයේ වැදගත් තැනකයි පිහිටලා තියෙන්නේ . ඒ වගේම රට වගේ විසිහත් ගුණයක් යුත් මුහුදු පතුලකට අපි හිමිකම් කියන නිසා ඒ මුහුදු පතුලේ අපි නොදන්න සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා . මේ පොළව ගත්තම කුරුදු තේ රබර් අන්නාසි වගේ ඕන භෝගයක් වගා කරන්න පළුවන් . එහෙනම් අපිට වැර දුන ආර්ථික උපායමාර්ගයේ වැරදුන තැන හදාගෙන නිවැරදිවිම තමයි ඉතිහාසයෙන් අපිට බලකරලා කියා සිටින්නේ . මේ රටේ ජනතාව ගෝඨාභය මහත්තයා රාජ්‍ය නායකයා බවට පත් කළේ ඒ උපායමාර්ග මේ රටේ ආර්ථිකයට එකතු කරන්න . ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි බැදි සිටිනවා කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කරන්න ’’ යැයි විරවංශ මහතා තවදුරටත් පැවසිය .