ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10දා) නිර්දේශ කළේය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටු රැස්වූ අතර ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබද වූ කාර්යසාධන විගණන වාර්තාව සලකා බැලීම එහිදී සිදුවිය.
සැමට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් පිහිටුවා ඇතිි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව’ කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2019 වසරේ ලැබී තිබුණද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය.
රාජ්‍ය ආයතන 16 ක නියෝජිතයන්ගෙන් සහ එක් රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් මෙම ආයතනය වඩාත් විධිමත් සහ ශක්තිමත් නොවීම නිසා මාර්ග අනතුරු පිළිබද පර්යේෂණ කටයුතු මෙහෙයවීම ලමාර්ග අනතුරු වළක්වා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාර්ග ආරක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බව හෙළි විය.
ඒඅනුව කොමිෂන් සභාව කඩිනමින් ස්ථාපිතකොට සේවකයන් බදවාගෙන ආයතනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.